By Kesara Chandramal Athukorala
Online Education (මාර්ගගත අධ්‍යාපනය) යනු නම්‍යශීලී උපදේශාත්මක බෙදාහැරීමකි.ඉගෙනීමේදී ගුරුවරුන් හා සිසුන් වෙන්ව සිටින අධ්‍යාපන ක්‍රමයක් ලෙසද හැඳින්විය හැකිය.මෙය එක්තරා ආකාරයක විද්‍යුත් ඉගෙනීමකි.මෙම ඉගෙනුම් ක්‍රමය තාක්ෂණය ඉගෙනීමටද ඒකාබද්ධව පවතී. මෙය සිසුන්ගේ ධනාත්මක ප්‍රතිලාභ රැසක් ඉදිරිපත් කරයි.
වර්තමානයේ වේගයෙන් ගමන් කරන තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනා තමන් සමඟ කොටු වී සිටින බව පෙනේ.ඔවුන්ට අවශ්‍ය සියල්ල කිරීමට කාලයක් නොමැති තරම්ය.එතරම් ඔවුන් කාර්ය බහුල වී පවතී.විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙය තවදුරටත් වර්ධනය වී ඇත.සියලුම සේවාවන් වෙබය හරහා නිරන්තරයෙන් ලැබෙමින් පැවතීම මෙයට හේතුවයි.තමාට අවශ්‍ය සියල්ල වෙබය හරහා ලබා ගැනීමට හැකිවීම නිසා සිසුන් අතරද මේ වන විට වැඩි ජනප්‍රියතාවයක් මෙය වෙත ලැබී ඇත.තාක්ෂණය භාවිතා වීම මඟින් ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා ගත හැකි වීමද මෙම ජනප්‍රියතාවයට හේතු පාදක වී ඇත.වර්තමානය වන විට තාක්ෂණය කෙරෙහි සියලු වයස් භේදයකින් තොරව සියලු දෙනාම අවධානය යොමු කර තිබීම මෙම ඉගෙනුම් ක්‍රමය ජනප්‍රිය වීමට ආසන්නතම හේතුවකි.තවද මෙය ඉතා ආකර්ෂණීය ඉගෙනීමේ පහසුකමක් වීමද මෙයට හේතුවකි.
නව MIT අධ්‍යනයකට අනුව සිසුන් මිලියන 7.1 ක් අවම වශයෙන් online පාඨමාලා එකක් හෝ අධ්‍යනයට යොමු වී ඇති බව සොයාගෙන ඇත. මෙම පාඨමාලා හැදෑරීම සාම්ප්‍රදායික අධ්‍යාපනය සේම ඵලදායී වේ.ආසන්න වශයෙන් මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් මිලියන 6.1 ක් මේවා හැදෑරීම ආරම්භ කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 30% ක් පමණ වන බව අධ්‍යනයේදී තහවුරු වී ඇති අතර මෙය ශීඝ්‍රයෙන් ඉහළ යන බවද සොයාගෙන ඇත.වර්තමානය වන විට මෙය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී.online පාඨමාලා ආකාර ලෙස දෙමුහුන් පාඨමාලා,මුහුණට මුහුණ,වෙබ් පාදක ආදී ආකාර මෙම අධ්‍යාපන නියමයන් ලැයිස්තුවට අන්තර්ගත වේ.මෙම අධ්‍යනයන් සිසුන් සාර්ථක ලෙස ග්‍රහණය කරගන්නා බවද අධ්‍යනයන්හිදී වාර්තා වී ඇත.
මෙම ක්‍රමය මඟින් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.මෙය මිනිසුන් සඳහා මෙන්ම සංවිධාන සඳහාද ප්‍රතිලාභ සලසා දෙන අතර මෙය අන් අය අතර නම්‍යශීලීභාවයට ඉඩ සලසයි.මින් අදහස් වන්නේ භෞතික පිහිටීම් හා ළඟා වීමට ඉඩ සැලසෙන බවයි.ඒවාට ළඟා විය හැකි අධ්‍යාපනය මෙම ඉගෙනුම් ක්‍රමය හරහා ලබා ගත හැක.සිසුන්ගේ කාර්යබහුල කාලසටහනට ගැළපෙන පරිදි ඉගෙනුම් කාලය නිසි ලෙස සකස් කරගෙන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා සිසුන් අතර ඉගෙනුම් විෂය මාලාව කාලානුරූප ලෙස මෙමඟින් ලබා ගැනීමට ගුරුවරුන් හා මහාචාර්යවරුන් මේ වන විට කටයුතු කරමින් පවතී.මෙය මෙම ක්‍රමයෙහි නව ප්‍රවණතාවකි.
1950 දී පමණ විශිෂ්ට නව නිපැයුම් නිසා ඉගැන්වීමේ දියුණුව ඇති වූ අතර ඉගැන්වීමේ පහසුවද සැලසුණි.ප්‍රධාන ගැටලුවක් ලෙස පැන නැගී ඇත්තේ දුරස්ථ ඉගෙනීමයි.1993 සිට මෙම ඉගැන්වීමේ ක්‍රමය වැඩි දියුණු වූ අතර එතැන් සිට එය නීත්‍යානුකූල අධ්‍යාපන මාර්ගයක් විය.online අධ්‍යාපනය VHS වීඩියෝ,DVD හෝ අන්තර්ජාල පාඨමාලා වලින් සමන්විත වසර ගණනාවක සිට ජනප්‍රියත්වයට ලක්වන නිසා මේ වන විට එය පුළුල් ලෙස ව්‍යාප්තව පවතී.සාම්ප්‍රදායික අධ්‍යාපනය හා සසඳන විට වර්තමානයේදී ඉතා වැදගත් වාසි රැසක් මෙය ඔස්සේ ලබා ගත හැක.
මෙම නම්‍යශීලී වැඩපිළිවෙල ශිෂ්‍ය පොහොසත් කිරීම හා පුළුල් අධ්‍යාපන ප්‍රවේශයකට මඟ සලසයි. මෙම ක්‍රමයෙහි වඩාත් වැදගත් ප්‍රතිලාභය වන්නේ කාල කළමනාකරණයයි.මෙම කළමනාකරණය ඔස්සේ නම්‍යශීලී ඉගෙනීමක් සැපයීම මෙහි අරමුණයි. මෙම අධ්‍යාපන පාඨමාලා සඳහා ස්ථාවර කාලයක් නොමැත.පාඩම් මඟ හැරේ යැයි,එම පාඩම සම්බන්ධ තොරතුරු නැති වේ යැයි බියෙන් තොරව සිසුන්ට ඔවුන්ගේ කටයුතුවල නිරත වී කාලය ලැබුණු සැනින් පාඩම්වලට සම්බන්ධ වී දැනුම පුළුල් කර ගත හැක.කාල කළමනාකරණය පිළිබඳව සැලකීමේදී අධ්‍යන කටයුතු සඳහා වඩාත් වැඩි කාලයක් මෙම ක්‍රමය හරහා ලබා ගත හැක.පුස්තකාල පරිහරණය අතීතයේ සිට පැවත එන ඉගෙනීම පහසුකරන එක් වැදගත් මාර්ගයකි.නමුත් වර්තමානය වන විට පුස්තකාල භාවිතය ක්‍රමයෙන් අඩු වී ඇත. එයට හේතුව අන්තර්ජාලය ඔස්සේ අදාළ විෂය කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වීමයි.කාලය ඉතිරි කර ගැනීමට පුස්තකාල වලට වඩා පිරිවැය රහිතව තොරතුරු වෙත ප්‍රවේශ වීමී හැකියාව ලොව පුරා කොතැනක සිට වුවද සිදු කළ හැකි වීම මෙම ක්‍රමයෙහි නිරත වීමෙන් ලබා ගත හැක.එය නිරන්තරයෙන් සිසුන් අධ්‍යාපනය කෙරෙහි දක්වන උනන්දුව වැඩිකරවන අතර අධ්‍යාපනය කෙරෙහි යොමුවන සිසුන් සංඛ්‍යාවද වැඩි වේ. මෙය මඟින් අධ්‍යාපනයේ නව විප්ලවීය වෙනසක් මේ වන විටද ඇති කර අවසන්ය.
සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපනය පිළිබඳ සලකා බැලීමේදී එය වර්තමානය වන විට අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මානසික ගැටලුවක් බවටද පත් වී ඇත.සාම්ප්‍රදායික අධ්‍යාපනය එනම් ස්ථාවර ස්ථානය,ස්ථාවර වේලාව,නිදහස නොමැතිකම,අධික තරඟකාරී බව යන කරුණුවලින් සමන්විත වේ.මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් වඩාත් වෙනස් පැතිකඩයන් මෙම ඉගෙනුම් ක්‍රමය මඟින් ලබා ගත හැකිය.සිසුන්ට ගැළපෙන වේලාවක,ඔවුන් කැමති ස්ථානයක සිට ඇතැම් විට ගමනාගමනයේදී පවා අන්තර්ජාල පහසුකම් සහිත අවස්ථාවක මෙම ඉගෙනුම් ක්‍රමය ලබා ගත හැක.මෙලෙස සිසුන් ප්‍රිය කරන වේලාවක,ඔවුන්ට උචිත ස්ථානයක සිට නිදහස් මනසකින් යුතුව මෙම අධ්‍යාපනය ලබා ගත හැකි වීම ඔවුන් අධ්‍යාපනය කෙරෙහි දක්වන නැඹුරුව වැඩි කිරීම සඳහා ඉවහල් වේ.උදාහරණයක් ලෙස රජයේ නිවාඩු,සති අන්තවලදී පාසල් හෝ පන්ති නොපැවැත්වෙන අතර එය සාමාන්‍ය ආකාරයකි.නමුත් එය එසේ වුවද සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමයට වඩා පුළුල් පරාසයක් මෙම ක්‍රමයෙහි පවතී.මක්නිසාදයත් තමන්ට අවශ්‍ය අවස්ථාවකදී මෙම සේවාව ලබා ගැනීමට හැකි වීම එයට හේතුවකි. මෙම ඉගෙනුම් ක්‍රමය ශිෂ්‍ය ප්‍රතිඵල ඵලදායීතාව ඵලදායී ලෙස වැඩි දියුණු කරයි.ශිෂ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ශිෂ්‍ය ප්‍රතිඵල මිනුමක් ලෙස ක්‍රියා කරයි.ශිෂ්‍ය ප්‍රතිඵල ඵලදායී ලෙස වැඩි දියුණු කරන හෙයින් මෙහි ගුණාත්මකභාවය හොඳින් ඉස්මතු කරයි.
ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමය එතරම් පුළුල් ලෙස ව්‍යාප්ත නොවී පැවතියද,අනෙකුත් විදෙස් රටවල්වල මෙම අධ්‍යාපන ක්‍රමය ඉතා පුළුල් ලෙස ව්‍යාප්තව පවතී.එම රටවල් ඉක්මනින් දියුණුව කරා ගමන් කිරීමද එයට හේතුවකි.අධ්‍යාපනය ඉතා ශීඝ්‍රයෙන් ඉතා ක්‍රමවත් ලෙස නිවැරදිව ලබා දීමේ හැකියාව මෙම අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ලබා ගත හැක.අනෙකුත් රටවල් සමඟ අන්තර්ජාතික සබඳතා පැවැත්වීම සඳහා තාක්ෂණය මනා පිටුවහලක් වන අතර තාක්ෂණය භාවිතා කරමින් ඉගෙනීමේ නිරත වූවන්ට අන්තර්ජාතික සබඳතා වැඩිදියුණු කර ගත හැකි අතර ඔවුන්ගේ සමාජීය දියුණුවද එමඟින් ඇති වේ.සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමය ඉතා සෙමින් සිදු වන අතර අන්තර්ජාලය ඔස්සේ ලබාගන්නා අධ්‍යාපනය ඉතා ශීඝ්‍රයෙන් ලබා ගත හැකි අතර එය පුද්ගලයෙකුගේ සමාජීය මෙන්ම අධ්‍යාපනික දියුණුවද ශීඝ්‍රයෙන් වර්ධනය කර ගැනීමට ඉවහල් වේ.පුද්ගලයා කටයුතු කරන්නේ තමාට පහසු වේලාවක නිසා ඔවුන්ගේ සීමාව තුළ ඉතා වේගයෙන් කාර්යක්ෂමව අධ්‍යාපනය ලබා ගත හැක. මෙමඟින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්,සටහන්,රූප සටහන් ආදී විවිධ ක්‍රම භාවිතා වන නිසා ඉතා පහසුවෙන් අවශ්‍ය දැනුම ලබා ගත හැක.වෙනත් අමතර පොත පත කියවා ලබා ගන්නා දැනුම හා සමානම දැනුමක් ලබා ගත හැකි නිසා මෙය ඉතා ඵලදායී වේ.වගකීම් සහිතව නිවැරදි තොරතුරු මේ ඔස්සේ ලබා ගත හැකි අතර එය නිවැරදි දත්ත ලබා ගැනීමේ මාධ්‍යයක් බවටද පත්ව ඇත. මේ ඔස්සේ වෙනත් අය සමඟ ගැටලු විවාද කිරීමටත්,තමන්ගේ අදහස් බෙදා ගැනීමටත් ඉගෙන ගන්නා කාලය තුළ සිදු කළ හැකි වේ.සාම්ප්‍රදායික පන්ති කාමරයකදී මෙන්ම ඊටත් වඩා වැඩි ප්‍රයෝජනයක් සමහර අවස්ථාවලදී මේ හරහා ලබා ගත හැක.එලෙසම පාඨමාලාවට අවශ්‍ය ප්‍රවේශය,උපදේශන ආදිය මෙම ඉගෙනුම් ක්‍රමය හරහා ලබා ගත හැකි නිසා මේ වන විට මෙය වෙත බොහෝ දෙනා යොමු වී ඇත. සිසුන් බලාපොරොත්තු වන ආකාරයේ නිසි අවබෝධයක් මෙය තුළින් ලබා ගත හැක.බොහෝ දෙනා තුළ පවතින ගැටලුවක් වන්නේ මෙයයි.සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන දැනුම මෙන් දැනුමක් මෙය ඔස්සේ ලබා ගත නොහැකි වනු ඇතැයි සමහරු ගැටලු නගා ගනිති.අධ්‍යාපනික ද්‍රව්‍ය වෙත,මිතුරන් වෙත සමීපව ලබා ගන්නා දැනුම හා සමානම දැනුමක් මේ ඔස්සේ ලබා ගත හැක.එය අධ්‍යාපනික ද්‍රව්‍ය යන දෑ මත රඳා නොපවතී.තමන්ට අවශ්‍ය තොරතුරක් වේ නම් එය සටහන් කර ගැනීමේ හැකියාව මෙන්ම තමාට අවශ්‍ය නොවේ යැයි සිතෙන කරුණු සටහන් කර ගැනීමකින් තොරව ඉගෙනීමේ පහසුව මෙය ඔස්සේ ලබා ගත හැක.පෙර සඳහන් කළ ආකාරයට රූප සටහන්,ප්‍රයෝගික පරීක්ෂණ ආදිය මෙම ක්‍රමවේදයෙහි අන්තර්ගත වන බැවින් එය දිගු කාලීන මතකයක් පවත්වා ගැනීම සඳහා ඉවහල් වේ.තමන්ට අපැහැදිලි යම් කරුණක් වේ නම් එය නැවත නැවත අධ්‍යනය සඳහාද මෙය වැදගත් වේ.මතකය කෙටිකාලීන හා දීර්ඝකාලීන වන අතර අප යමක් කියවීමෙන් පමණක් ලබාගන්නා දැනුමට වඩා යමක් කියවා එයට සවන් දීමෙන් ලබා ගන්නා දැනුම ඉතා දිගු කාලයක් සාපේක්ෂව තබා ගත හැක.විවිධ ප්‍රස්තාර සටහන්,රූප මාධ්‍ය යොදාගන්නා නිසා කියවීම,සවන් දීම හා නැරඹීම මඟින් වඩා වැඩි දැනුමක් ලබා ගත හැකි අතර එම මතකය සාපේක්ෂව පවත්වා ගත හැකි කාල පරාසය වැඩිය.මෙය මෙම අධ්‍යාපන ක්‍රමයෙන් ලබා ගත හැකි වාසියකි.වර්තමානය වන විට ගෝලීයකරණයත් සමඟ තාක්ෂණය වැඩිපුර භාවිතා කරන බැවින් බොහෝ දෙනා මෙය වෙත නැඹුරු වීම සතුටට කරුණකි.
අන්තර්ජාලය ඔස්සේ අනාගත අධ්‍යාපනය ලබා ගැනීමට මෙහි ඉගැන්වීම් රාශියක් පවතී.ජීවිත කාලය පුරාවට ඉගෙන ගන්නා තත්වයට පත්වන වර්තමාන ලෝකය සඳහා මෙම ක්‍රමය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.මිනිසා මිය යන තෙක්ම අලුත් අලුත් දෑ ඉගෙන ගනී.එසේම ඉගෙනීම මියයන තෙක් අවසන් වන කරුණක්ද නොවේ.යමක් ඉගෙනීමට මේ මොහොතේ අවශ්‍ය නම් එම මොහොතේම අන්තර්ජාලය ඔස්සේ තමාට අවශ්‍ය දේ ඉගෙනීම සඳහා මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයකි.අධ්‍යාපනයේ නිරන්තර සබඳතා සඳහා පහසුකම් සපයන පුළුල් විෂය මාලාවකට උපදේශයන් සමඟ ප්‍රවේශ වීමට හැකියාව ලැබේ.සිසුන්ගේ වෘත්තීමය වෙනස්කම් එනම් අනාගතයේදී තමා යොමු විය යුතු වඩාත් උචිත වෘත්තියකට ප්‍රවේශ වීම සඳහා දැවැන්ත ඉගෙනීම් මාලාවක් online education තුළ පවතී. මෙය පාසල්වලද හඳුන්වා දීම අනාගතයේදී පුළුල් ලෙස ව්‍යාප්ත වනු ඇත.උදාහරණයක් ලෙස විදේශ භාෂා පිළිබඳ දෙපාර්තමේන්තුවක් හා සම්බන්ධ වීම මෙම ක්‍රමය හරහා සිදු කළ හැකි අතර පාසල් තුළ විෂයන් පරාසයද පුළුල් කළ හැකි අතර අභිමතය පරිදි සිසුන්ට ඔවුන් කැමති වෙනත් භාෂාවක් සාර්ථකව ඉගෙනීමේ හැකියාව ලබා ගත හැක.ඉගෙනුම් කේන්ද්‍රය,ස්වයං අධ්‍යාපන උපදෙස් දියුණු කළ මෘදුකාංග සමඟ දෘඩාංග හා අන්තර්ජාල ප්‍රවේශය මෙම අධ්‍යාපන ක්‍රමය සඳහා තවත් විකල්ප ලබා ගත හැක.අනාගතය වන විට තාක්ෂණය තව තවත් පුළුල් ව්‍යාප්තියකට පත්වන හෙයින් මෙම ක්‍රමයද පුළුල් ලෙස අනාගතයේදී ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත.
This is a test 31-12-2022
Thankyou very much.very important.🙏🙏🙏
Thankyou very much.very important.🙏🙏🙏
ඇත්තටම කිව්වොත් විවාදයකට කරැණු හොයන්න ආවේ..මේක ගොඩක් වටිනවා..thanks 🔥❤️
ඇත්තටම කිව්වොත් විවාදයකට කරැණු හොයන්න ආවේ..මේක ගොඩක් වටිනවා..thanks 🔥❤️
Meken wiwadekata oni karunu ehema sahenna hoyaganna puluwan..Thankyou
shok
Online link hadaganne kohomada
Online link hadaganne kohomada
ඉතාමත් ප්‍රයොජනවත් කරුණුවලින් යුතුයි
ගොඩක් වැදගත් කරුනු ටිකක් ♥️
Thanks for this valuable informations.
Thanks for this valuable informations.
Thanks
It's our pleasure
Thank you so much 🙏
You are welcome
වැදගත් කරුණු ගොඩක් දැනගත්තා. බොහොම ස්තුතියි 🙏
Thank you .godak wadagath karunu thibuna.thawa me wage ewa hoyala danna
ගොඩක් ස්තූතී.🙏 ගොඩක් වැදගත් කරුනු රැසක්.😍
ගොඩක් වටින කරැණු තියනවා බොහොම ස්තුති...
ගොඩක් වටින කරැණු තියනවා බොහොම ස්තුති...
Meken godak karunu mata Dana ganna labuna online education eka gana rosanna karunu gadak Dana gaththa mage exam ekata meka gdak prayojanawath wewi kiyala hithanawa thank you very much 🙏🙏👩🎓🤜🤛❤
වටිනවා
Nadun
INTERNATIONAL
Translate Our Content
Thank you so much